Skip to main content

Posts

Featured

2019 ජූලි මාසේ දවසක් පේරාදෙණියේ සිට කියවීම.

  රාජිත දිසානායකගෙ 2019 ජූලි මාසේ දවසක් වේදිකා නාට්‍යය මීට හරියටම සතියකට විතර පෙරාතුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙ එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ දී වේදිකා ගත වුනා. නාට්‍ය රඟදැක්වුන ඒ නිෂ්චිත මොහොතේ සිට, මම මේ ලියමින් සිටින මොහොත දක්වා වූ කාලය විශ්වවිද්‍යාලය තුළ සුවිශේෂී ගැටලු පැනනැගුන කාලයක්. මේ වෙනකොට ශ්‍රාස්ත්‍ර පීඨයේ අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන්ම නතර කරලා. හේතුව, නවකවදයට විරුද්ධ ශිෂ්‍යාවන් පිරිසකට විශ්වවිද්‍යාලයෙ පොදු ආපනශාලාවක් තුළදි, ශ්‍රාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමයේ නියෝජිතයන්ගෙන් එල්ල වුණ ප්‍රහාරය සහ ඒ ඔස්සේ පීඨය තුළ ඇතිවුණ කලබලකාරී තත්වය. කටයුතු ඔහොම වෙනකොට ඒ යට කියපු සතියෙම දවසක විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පීඨයේ ම මහාචාර්ය ලියනගේ අමරකීර්ති සර්ගෙ අලුත් ම කෘතිය "විශ්වවිද්‍යාලය යනු කුමක්ද ?" යන නමින් මුද්‍රණයෙන් පිටවෙනවා. ඉතින් 2019 ජූලි මාසෙ දවසක් නාට්‍යය නැරඹීමෙන් පස්සෙ, එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු අතරෙ තවමත් නාට්‍යයේ කොටස් ඔළුව ඇතුලෙ යළි යළිත් රඟ දැක්වෙන වේදනාවත් එක්කම, අමරකීර්ති සර්ගෙ පොත සියුම්ව කියවමින් විමසමින් යන අතරෙම, අහන්න දකින්න කතාකරන්න සිද්ද වෙන දේවල් එක්ක

Latest Posts

Image
Image

අතිශය අභ්‍යන්තර පරීක්ෂණය

Image

කැමතිනම් ඔබ එන්න ඇවිත් අහගෙන ඉන්න

Image

වැහිකේඳිලි

Image
Image
Image