Skip to main content

Posts

Featured

රාත්‍රියකින් හරි අඩක් | කෙටිකතාව (01 කොටස)

මං අවදි වෙලා බලනකො​ට හැන්දෑව ගෙවිල ගිහිල්ලයි තිබ්බේ. අන්ධකාරය මෝරනවා හතර අතින්ම. මම සි​ගරට්ටුවක් දල්වගෙන ජනෙල් කවුළුවෙන් එබුණා, ඈත කඳු අතරෙ තෙරපෙන අවසාන ඉර එළිය පොදක්වත් ඇස් දෙකට අල්ලගන්න චේතනාවෙන්.  ඒත් ඉර එළිය මුලුමනින්ම වියැකිල ගිහින් සෑහෙන්න වෙලාවක් ගතවෙලා. ෆයිනස් කැලෑව උඩින් හඳ ලපයක් ඇදිලා. මීදුම් සළුවක් වගේ හඳ එළිය කදම්භයක් ෆයින් තුරු මත්තට ඉහිරිලා. අඳුර අතරින් සෞන්දර්යය උතුරනවා. අන්ධකාරෙ දිගේ දුර ගමනක ආව මදුරුවෙක් මගෙ කන ළගින් වෙට්ටුවක් දාල 'රූං' සද්දෙන් කාමරේට රිංගුවා. මම කවුළුව අගුළු ලෑවා.  මදුරුවො කියන්නෙ වසංගත. එකෙක් දෙන්නෙක් කාමරේට රිංගගතත් ඇති රාත්‍රියට නින්දක් නැතිවෙන්න.  මදුරු කොයිල් එකක් ගෙනාවනම් එකෙක් නෑර දුම් ගහල මරන්න තිබ්බත්, දැන් ආයෙත් පහළ වීදියට යන එක කම්මැලි වැඩක්. සිගරට් එකේ අවසාන උගුරත් ඇදල දාපු මම ෆෝන්නෙක අතට ගත්තෙ කම්මැලිකමට කාලය මරන්න හිතාගෙන. තිරය මතුපිට නොටිෆිකේෂන් බරගානක් ඇදිලා තිබ්බත් ඒව එකින් එක බලන එක කම්මැලිකමට පොහොර දාන වැඩක්. ඉස්සරනම් නොටිෆිකේෂන් එකක් කියන්නෙ කුතුහලය එක්ක මුහුවුණු මිහිරියාවක්; නැවුම් බවක්. ඒත් දැන් එහෙම නෑ. සියල්ල අලුත...

Latest Posts

Image

කලබල හැඟුම්

Image

අතිශය අභ්‍යන්තර පරීක්ෂණය

Image

කැමතිනම් ඔබ එන්න ඇවිත් අහගෙන ඉන්න

Image

වැහිකේඳිලි

Image
Image
Image
Image

වලාකුළු නිම්නයට එන්න