හැන්දෑවෙ අවසාන බස් එකත් පාවුණා

මල්වතු ඔය මිටියාවත මැද්දෙන්
ගැස්සි ගැස්සි... ගැස්සි ගැස්සි
රතු ටකරං හෝරාවක මම
ඔබත් හිටියානම් ළඟ
කොතරම් !
කොතරම්...ම මිහිරීද මේ පැය
ඔබේ දෙතනේ පැහැය ගත් අහස
මේ නවම් මහ කහපාට හවස
අතවනා අඩගසයි මට නිබඳ
කාර්මික දුම්වලා මේකුළින් මිදුණ
තැනිබිමේ රත්තරං කුරක්කං ගොයම
මේ පුංචි කවුළුවෙන් මට මෙහෙම පේන
ජීවිතේ ජීවිතේ එයද අපි හොයන
හාංකවිසියක් නැතිව අපි ගැන
අන්ධකාරය මෝරනවා තනියම
ඒ කොහොම වුණත්
අමතක වෙන්නෙනැති වෙයි මේ දවස...
හේතුව,
දහවලේ ඔබ දුන්න
කලබල දෙතොල් හාදුව
හහ් !!
කලබලයි කලබලයි තමයි මේ දිවිය !

Comments

Popular Posts