අතිශය අභ්‍යන්තර පරීක්ෂණය

 


ලංකාවෙ යුද්ධය ගැන මට ලොකු අද්දැකීමක් නෑ. මට විතරක් නෙවේ. අපේ වයස් සීමාවෙ ලංකාවෙ සිංහල තරුණ්යයේ බහුතරයකට ඒක එහෙමයි. යුද්ධය කිව්වම මට මතක් වෙන්නෙ හමුදා සේවයේ ඉදල මියගිය, ආබාදිත වුන ඥාතීන්, සහ මියගිය සමීපතමයන් කීපදෙනෙක්ගෙ හැඩහුරුව. ඒකාලෙ අපේ ගම්වල නගරවල හැම හන්දියකම වගේ තිබ්බ ගමේ මියගිය රණවිරුවො කියල තරුණ සොල්දාදුවන්ගෙ ඡායාරූප හතලික් පනහක් විතර ගහපු ලොකු කටවුට් බැනර්. තව හැමදාම හවස ප්රවෘතිවලට පස්සෙ දවසේ මියගිය මිනිස්සු ගාන අයිටීඑන් එකේ ගියපු හැටි. හැමදාම වගේ රටේ කොහෙහරි තැනක පිපිරුනු බෝම්බ ගැන ගිය බ්රේකින් නිවුස්. පුංචිකාලෙ මතක එක්ක පැටලුණු ඔය වගේ දේවල් කීපයක් තමයි මට යුද්ධය කිව්වම කෙලින්ම ඔලුවට එන්නෙ. මට මේ මෑතක් වෙනකන්ම දෙමළ යහළුවො හිටියෙ නෑ. දැනටත් ඉන්න අයගෙ සමීප සම්බන්ධයක් නෑ. රජයෙන් සහ විවිද සංවිධානවලින් පහුගිය කාලෙ සාමය ඇති කරන්න කියල කරපු වැඩසටහන් වලදි තමයි මට මතක විදියට මුලින්ම දෙමළ මිත්රයො එක්ක මුහු වෙන්න හම්බුනේ. ඒත් ඇත්තටම ඒව සාර්ථක නෑ. අපේ තඹුත්තේගම නගරෙ එක දෙමළ හෝ මුස්ලිම් මනුස්සයෙක්වත් නෑ. නමුත් මන් හිතන්නෙ ලංකාවෙ වෙන කොහෙවත් ඒ විදියෙ නගර තියෙන්න විදියක් නෑ. ඉතින් මේ අපේ ගම් සීමාවේ අපිට යම් විදියකින් ඒ ජාතිකත්වය ඇසුරුකරන්න නොලැබුනත් ලංකාවෙ සමස්තයට ඒක එහෙම වෙන්න විදියක් නෑ. එහෙම තත්වෙක දෙමළ ජාතියට සංවේදීවෙන එක සිංහල මනුස්සයගෙන් ගිලිහුනේ කොහොමද කියන එක මට හැමදාම තිබ්බ ප්රශ්නයක්.

ලෝකය අපි හිතනවට වඩා විශාල තැනක් ඒවගේම ඒක එක ගමක් තමටම පුංචි තැනක්. අපි පොඩිකාලෙ ඉදලම බටහිර කතන්දර එක්ක, රුසියානු ලතින් ඇමරිකානු සාහිත්ය එක්ක, අරාබි පර්සියානු කවි එක්ක, චීන කොරියන් ටෙලිනාට්ය එක්ක ලෝකයේ බොහෝ දුර සංස්කෘතික අනන්යතාවයන් අදුරගන්නවා. ඒත් අපි අපේ ලගම ඉන්න අපූරූ වෙසෙස් සහෝදර සංස්කෘතිය අමතක කරනවා. ඒක අඳුරගන්න අපිට උදව්කරන්න සාහිත්යයට යම් තරමකින් හෝ හැකියාවක් තියෙනව කියල මන් විශ්වාස කරනවා. මේ කතාකරන්නෙ එහෙම පොතක් ගැන. අතිශය අභ්යන්තර පරීක්ෂණය ජෙගන් ගනේෂන් පරිවර්තනය කරපු ලාංකේය දෙමළ කෙටිකතා එකතුව.
සිංහල දෙමළ ජාතීන් අතර සුහදත්වය ඇතිකිරීමේ අරමුනින් සිද්ද වෙන විවිද දේවල් වලින් නිතරම ඇහෙන වචන ටිකක් තියෙනව. "උතුර ,සහෝදර සංස්කෘතිය, එක මවකගෙ දරුවො, විවිධත්වය ගරු කිරීම, කාගෙත් ලේ රතුපාටුයි, උතුරේත් මියගියේ දරුවෝය අම්මේ " වගේ අර අපිට නිතර ඇහෙන හුරු පුරුදු එකම කතන්දර ටික. ඒත් මන් නම් විශ්වාස කරන්නෙ ඔය වචන වලින් ඇතිකරන්න පුළුවන් කෙහෙල්මල් සාමයක්නෑ අපිව තවත් ඈත්කරන එක ඇරෙන්න. ඒත් වාර්ගික අර්බුදය ගැන සිංහලෙන් ලියවෙන දේවල්වල හැදෙන ටෙලිනාට්ය චිත්රපටවල හැමදාම රිපීට් වුනේ ඔය විකාර කතන්දර ටික. ඒවගෙ තිබුණෙ සිංහලයා දෙමල මිනිසා දැකපු විදිය මිසක් ඇත්ත දෙමළ ජනතාවගෙ හැඟීම් සංවේදන නෙවේ. මේ පොත පළමුවෙන්ම වෙනස් වෙන තැන ඒක. මේකෙ කිසිම කතාවක අපි එක මවකගෙ දරුවො හරි උතුරේත් දකුනේත් හැලුනෙ එකම ලේයි වගේ හැගීම් වලට දුරස්ථ උපමා කතා නෑ. මේ කතා කතා ඔක්කොම යුද්ධයට ගොදුරු වුන යුද්ධයේ පාර්ශවකරුවන් වුණ දෙමළ ජනතාවගෙ වෙව්ලන හඩින් ඇහෙන ඇත්ත කතන්දර. ඇත්තටම ඒ කතා සිංහල අපිටත් කොච්චර සමීපද, දෙමළ මිනිසාත් අපිත් එකම පීඩිත පන්තියක නේද කියල දෙමළ මිනිසාගෙ හැගීම් වලට සමීප වෙලා දැකල අවබෝධ කරගන්න පුළුවන් විදියෙ කතන්දර.
උතුර දකුණ කියන වචනයත් මේ කතාබහේදි නිතරම අපිට ඇහෙන දෙයක්. උතුර දෙමළ දකුණ සිංහල වෙද්දි, ඇත්තටම හිතල බැලුවොත් මේ අනුරාධපුරේ වන්නියෙ අපි ඇත්තටම අයිති වෙන්නෙ අර දකුණෙ සිංහල කියන කුලකයට නෙවේ. දුක්විදින උතුරට. කාෂ්ටක පොළවත් එක්ක හැප්පෙන මිනිස්සු ඉන්න, හරිහමන් අධ්යාපන පහසුකම් නැති, අඩුතරමෙ අන්තර්ජාල පහසුකම්වත් හරියට නැතිව මෙකී නොකී භෞතික ප්රශ්නත්, මෙතකැයි කියන්න බැරි සමාජ සංකෘතික ප්රශ්නත් එක්ක ගත්තම සිංහල ඉහළ පීඩක පැලැන්තිය ඇරුනම මුළු ලංකාවම එකඅතකට උතුරක් තමයි. ඉතින් අපි ඇත්තටම උත්සහදරන්න ඕනෙ අපිව අඳුරගන්න. අපේ සමීපතම මිනිසාගෙ වේදනාවන් අඳුරගන්නයි.
යුද්ධය සම්බන්ධ සාම්ප්රදායික ලියවිලි වලදි මම දකින අනිත් කාරනේ හුදු වාර්තාමය ස්වරූපය. ඒකත් මේ පොත ඇතුලෙ බොහෝ දුරට වෙනස් වෙලා තියෙනව. මේ කතා අටම සාර්ථක සාහිත්යයමය නිර්මාණ. ඒ වගේම මේ පොත ඇතුලෙ කිසිම තැනක ඔවුන් මේ ඛේදවාචකයන් ගැන සිංහල ජනසමාජයට චෝදනා කරන්නෙ නෑ. මේ ලේඛකයන් කිසිම අන්තයක හිටගන්නෙ නෑ. ඔවුන් කතාව කියනව විතරයි. ඒ හැගීම් වේදනාවන් අපට කොතරම් සමීපද කියල පෙන්නල දෙනව විතරයි.
පොතේ මම වඩාත් කැමති කතාව ජේ.කේ ගේ " දෙවිවරුන් නිදනා දේශයක " කියන කෙටිකතාව. ඊළගට අවසාන කතාව , චක්රවර්ති සුදාගර්ගෙ " මුනිවත රැකීම " මේවා ගැන වෙන මොකුත්ම නොකියා මුනිවත රැකීම කතාවේ අවසාන ඡේදයෙන් මේ කෙටි සහෘද සටහන අවසන් කරන්නම්.
යුද්ධයේ පාර්ශවකරුවෙක් වීම නිසා රටින් විප්රවාසීව වෙසෙමින් දැඩි පසුතැවුලකින් පසුවන මිනිසෙක්; ගෝලීය ත්රස්තවාදයත් එක්ක ගැටෙන තාරුණ්ය , අතරමන් වූ ජීවිතය සහ පරිසරය සමඟ මේ හැමදේකම සමස්තාර්ථය මේ අවසන් කොටසින් පේනව කියල මට හිතෙනව.
" රත්තීගේ මැටියෙන් කළ කූඩුව බිමට පතිත ව කැඩී වතුරේ දියවෙමින් තිබුණි. පැටව් දෙදෙනා පිහාටු නොවැඩුණු තටු ගැසූහ උන්ට එය කළ නොහැකිය ධාරානිපාත වර්ෂාව උන්ට හුස්ම ගැනීමට අවකාශයක් ලබා දුන්නේ නැත. රත්ති කොහේ ගියාද සුළඟ ඇය වෙනත් දිශාවකට යොමු කලාවත්ද? පැටවුන්ට ආහාර සොයා ගිය ඇයට මාර්ගය වැරදුනාවත්ද? සුළං තත්ත්වය පහව ගිය පසු ඇය පැමිණි කූඩුව සහ පැටවුන් සොයා යාවි ද? පැටවුන් නොමැති සොවින් හඬන ඇයට මම කුමක් පවසන්නද? මාගේ හැඟීම් සීමාව ඉක්මවා ගමන් කරමින් තිබුණි. ශාප කිරීමට කෙනෙකු සෙව්වෙමි. ස්වභාව ධර්මය හැර වෙනත් කිසිවකු මගේ දෑසට හසු නොවීය. "
අතිශය අභ්යන්තර පරීක්ෂණය
පරිවර්තනය - ජෙගන් ගනේෂන්
ප්රකාශනය - ආදිරෙයි ප්රකාශන | මිල රු. 500/=
පලි: මේ පොතේ කවරෙ ඩිසයින් කරන්න ලැබුන එක මට ඇත්තටම සතුටක් වගේම මන් හදපු කවර වලින් මම ආසම සහ දැනෙන විදියට හොදම එක මේක.☺️

Comments

Popular Posts