කඳුකර හීන ලුහුබඳින
තැ නි ත ලා වෙ න් හමන සුළඟ
නවතින්න මොහොතක් නවතින්න
ජීවිතය කියන දේ ගැන
ඔබ හිතන්නේ කොහොමද ?
පැවැත්මේ මේ අර්ථය
ඒ අරුත සොයා යාමද ?
සංසාරෙ පුරාවට නුඹ
මද නලේ කළේ මොනවද ?
ගහක් බදාගත්තම
දැනෙනවා මට
වචන බිහි වෙන්නට
බොහෝ කාලෙකට ඉස්සර
ප්රාග් ඓතිහාසික යුගයක
මිනිස් හිතකට දැනුණ
ඒ කියන්නට වචන නැති හැඟුම
මං අහන්නෙ
ජීවිතය කියන්නෙ ඒකද ?
හෙවණැලි කොදුරනව මට
ඔබ නොදන්නා විස්තර
මට මතක් වෙනවා පුංචි කාලෙ කතන්දර
බිරියෝසා ගස් කතාකරන
හෙවණැලි වනාන්තර ගැන
ඔන්න අඳුර ගාටනව අහසට
හෙවණැලි ඔළුව පාත් කරල කියනව
දැන් ගෙදර යන්න වෙලාව හරි බව
සුළඟ ,
කාලය නවත්තන්නට
ඔබ දන්නවාද මුර පදය


Comments

Popular Posts