වලාකුළු නිම්නයට එන්න

 



මේ දැන් මොහොතකට ඉස්සර
ජංගමය එහා කෙලවර

මිතුරු කටහඩක
හැඟුම් අනුපාතය

අරගලය , තුවක්කු , උන්ඩ, ලේ
කෝන් දල්ලක ළා රතුපැහැය ගැන

කියරොස්තාමිගේ චිත්රපටයක
රත්තරං තිරිඟු යායක් ගැන

රුසියන් සුරඟන කතාවල
සිහින පාරාදීසයන් ගැන

උබ ලියන්නේ මොකටද ?
සවන් පරිපථ බිදලන

හිතමිතුරු වෙඩි උන්ඩ
වදිනවා එකපිට

තබමි ජංගම ය ..
දැන් බැඳීම් ඕෆ්ලයින් !

ගෙන කුඩා පාපැදිය
මාර ගස් රංචුව යටින් යමි

පහළ නිම්නයට
අස්වැන්න නෙලාගෙන ගිය

කුඹුරු වෙල් දෙණි පාමුල
පාළු හුදෙකලා හදවත

වැතිරගමි ඉපැනැල්ල මතුපිට
කටු ඇනී ලේ ගලයි මතකය

ඉහළ ආකාස ඉවුරේ
වලාකුළු තෙරෙපෙනව නිතරම

ඔය ඈත පියාඹන
නම නොදන්නා කුරුල්ලෝ !

උබටත් ඇහෙනවද මාව
සුළඟ දොඩමළුයි හොදටම

මාව තේරුම් ගන්න
මේ වලාකුළු නිම්නයට එන්න

Comments

Popular Posts