කැමතිනම් ඔබ එන්න ඇවිත් අහගෙන ඉන්න

 

 

මතකයේ දුර ඈත හුදෙකලා නිම්නයක

අමතක ව ගිය වචන වැටී ඇත තනිතනිව

පෙර පුරුදු මාවතේ සැරිසරන හවසකට

ළෙංගතුම කටහඩක් ඕනෙමයි නොතනියට 


නිල් පාට තරු තිතත් තියා අහසේ කොනක

විශ්වයම නිහඩ වෙයි අත වනා කළුවරට

ඇබින්දක් පෙරාගෙන මුදු සදේ රැස් කිරණ

දල්වගමු අපි අපේ හිස්බවේ කළු කුහර



මද නලේ ගිටාරය සුසර වෙන සීරුවට

වලාකුළු හදවතක් පාත්වෙයි නිම්නයට

හිත පුරා රාව දෙන සිහින් ගී ස්වර මතුර


කැමතිනම් ඔබ එන්න ඇවිත් අහගෙන ඉන්න

Comments

Popular Posts