Skip to main content

Posts

Featured

  හැන්දෑවෙ අවසාන බස් එකත් පාවුණා මල්වතු ඔය මිටියාවත මැද්දෙන් ගැස්සි ගැස්සි... ගැස්සි ගැස්සි රතු ටකරං හෝරාවක මම ඔබත් හිටියානම් ළඟ කොතරම් ! කොතරම්...ම මිහිරීද මේ පැය ඔබේ දෙතනේ පැහැය ගත් අහස මේ නවම් මහ කහපාට හවස අතවනා අඩගසයි මට නිබඳ කාර්මික දුම්වලා මේකුළින් මිදුණ තැනිබිමේ රත්තරං කුරක්කං ගොයම මේ පුංචි කවුළුවෙන් මට මෙහෙම පේන ජීවිතේ ජීවිතේ එයද අපි හොයන හාංකවිසියක් නැතිව අපි ගැන අන්ධකාරය මෝරනවා තනියම ඒ කොහොම වුණත් අමතක වෙන්නෙනැති වෙයි මේ දවස... හේතුව, දහවලේ ඔබ දුන්න කලබල දෙතොල් හාදුව හහ් !! කලබලයි කලබලයි තමයි මේ දිවිය !

Latest Posts

Image

අතිශය අභ්‍යන්තර පරීක්ෂණය

Image

කැමතිනම් ඔබ එන්න ඇවිත් අහගෙන ඉන්න

Image

වැහිකේඳිලි

Image
Image
Image
Image

වලාකුළු නිම්නයට එන්න