Skip to main content
මාර ගහ
හිතුවක්කාරයෙකි 'සුළග'
නන්නත්තාරෙ ඇවිදින
කොච්චර එපා කිව්වත්
නුඹෙ සුවද අරගෙන එන
තාම නපුරුයි 'අහස'
නුඹේ වත සිතුවමට නගමින්
පාරවයි මා මතක
ඕනවට වැඩියි දැන් 'උදය'
'පිනි' තබා හැම මලක්ගානෙම
ඔබේ නෙතු සිහිකරන
අන්න අර තුගු මාරගහ මම
කපනවා අද හෙටම
හිසට රන්මල් රේණු ඉහිමින්
'මොකද තනියම' අහන
මොකද බං තනියම...🤪🤪
ReplyDelete😂
Deleteඒක 👍
ReplyDeleteComment හලාගෙන ගීල්ල නේද...ස්තූතියි !!!
Deleteපවන්ගෙ වෂීකෘත කවිය ❤
ReplyDelete