මාර ගහ

හිතුවක්කාරයෙකි 'සුළග'
නන්නත්තාරෙ ඇවිදින
කොච්චර එපා කිව්වත්
නුඹෙ සුවද අරගෙන එන

තාම නපුරුයි 'අහස'
නුඹේ වත සිතුවමට නගමින්
පාරවයි මා මතක

ඕනවට වැඩියි දැන් 'උදය'
'පිනි' තබා හැම මලක්ගානෙම
ඔබේ නෙතු සිහිකරන

අන්න අර තුගු මාරගහ මම
කපනවා අද හෙටම
හිසට රන්මල් රේණු ඉහිමින්
'මොකද තනියම' අහන




Comments

Post a Comment

Popular Posts