මහද්වීපික ප්‍රේමය හෙවත් නුඹ සහ මම

 




කදු මුදුනෙ ගොඩ ගැහුණු    මීදුමට

ඔබ    ඉදල්පහර දෙමින් හිටියා 

මගේ කාන්තාර හදවතට දැනුනෙ නෑ

                                                      මොනවත් ම

මං හිටියෙ 

ගිලිහුණු මේපල් පතක 

                                       හුස්මක්

ගිටාර් තතකට මුසු   කර 

                                     කර

බෙංගාල ජන ගීයක සුවදින් 

වස්දඩු රාවයක් ඇහුණා                         ඈතින්


අතීතයෙන්   එස්   එම්   එස්  

                                                  පණිවිඩයක් 

    ආ 

         වා

                    දුම් දමන අත්බණුවට 


කාලය දියවී වැගිරෙමින් ගියා

අහස පුරා ඩාලිගේ ඔරලෝසු


මගේ හදවත මහද්වීපයක්

මොකක්දෝ 

                     දි      ය   සී   රා  ව  ක්

ගලන්න පටන්ගත්තා නයිල් නදිය තරම්              

                                                                        දිගට


මෙසපොතේමියාවේ 

ශිෂ්ටාචාරයේ                     තොටිල්ල 

                          ඇතුලෙ

මං ළදරුවෙක් 


සියලූම පරමාදර්ශී සුන්දරත්වයන් 

                                       අලු දූලි වෙලා ගියා


අක්බඹරු හැඩය ගත් දුඹුරු කෙහෙ රැලි

 අතර

              රදවමින් ඇහැල මල්

       ඔබ                                  සිනාසුනා 


දම්පාට මල් යායක මිහිරක් හද කෙනිත්තුවා 

දෙතොල් ගැන මතකයක් ඉතුරු වුනේ නෑ


මීමිනි දෙනෙත් විදාගෙන

ඔබ හැරී බලන                  මොහොතේ 


මං ඔබේ අතින් ඇල්ලුව                    

                                           හිතින් 

සියල්ල අවසානයේ 

ඔබ - පෙම්බර නෙෆර්ටිටි 

කෞතුක වස්තුවක්  

මා ඇතුළත                    මහා ඉඩක 


මම  - තෙවන එළිසබෙත් රැජිනට

ස්වකැමැත්තෙන් නතු වුණ

                                            යටත් විජිතයක් 



Comments

  1. මරු....අපූරු සංරචනයක්

    ReplyDelete
  2. ඔබ - පෙම්බර නෙෆර්ටිටි

    කෞතුක වස්තුවක්

    මා ඇතුළත මහා ඉඩක



    මම - තෙවන එළිසබෙත් රැජිනට

    ස්වකැමැත්තෙන් නතු වුණ

    යටත් විජිතයක්

    ReplyDelete

Post a Comment

Popular Posts