ලියමි

නිල් පැහැ කවුළු පියන්පත් මත හීන් හිරිකඩ අහුරක් එල්ලී සිටියි. වාතය බරය, සිසිල් ය. රාත්‍රිය හෙමි හෙමින් ඇහැඅරන්නට පටන්ගෙන ඇත.

මම කවුළුව හැරියෙමි. බොහෝ දුර සිට පාව ආ මතක සුළං රැල්ලක් ගතේ හීගඩු පුබුදා හද කොනිත්තා යන්නට ගියේය. කුටිය අස විසල් අඹ ගසේ අතු පතර අදුරු සෙවණැලි අතර කදෝකිමි සිතුවිල්ලක් සැලි සැලී කෙදිරිලමින් ඇත. උස්ම අත්තක මැරුණු තුරුපතක් නිහඩ අවකාශය අතරින් සීරුවට පොළොව සොයා යාත්‍රා කරයි. ඈත බණපද රාත්‍රිය සමග රහස් කියන්නා සේය. මෘදු පොද වැසි වට තණ නිල්ල පිනි කිරුළු දරාගෙනය. පත් වැරූ ඇහැළ ගස අහස ඔසවා සිටී.

සිත, කවුළුව මත නැග ඉගිලෙන්න තටු ගසන හඩ ඇසේ. අහස කොතරම් අදුරු වුවත් කාරි නැත. සිතට දැන් අවැසි පියඹන්නටම ය. සිරගත කළ අත් පා අතරට සිතක් කෙසේනම් බැද තබන්නද? මම සිතමි. යළි යළිත් සිතමි. සිතෙන දෑ අමතක වන්නට පෙර ලිවිය යුතු ය. ඒ ලිවිල්ලේ ආශ්වාදය මා අත් විද ඇත. ඉතින් මම ලියමි. ඔබ කියවනු ඇතැයි සිතමි…


Comments

  1. සහතිකයි වෙලාව තිබුණොත් කියවනවාමයි

    ReplyDelete
    Replies
    1. සතුටුයි ... බොහොම ස්තූතියි !!!

      Delete
  2. අපූරුවට වචන ගලපලා. හරියට වචන එක්ක සෙල්ලම් කරලා වගෙයි.

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි ඒමද... ස්තූතියි !!!

      Delete

Post a Comment

Popular Posts