විලෝ හෙවනට
වි
ලෝ හෙවණට සඳ ඇවිත්
යා යි
සෙවණැලි පි ඹ
අපට ඉහළින්
නිල් අඳුර පසු බිමේ
ඔබේ සිනා විදුලිය විසිරුණා
කාලය හා අවකාශය තුනීයි ...
හරි සීතලයි
එහෙව් තැනකට.. වචන කොහොමත් බර වැඩියි
කාංසිය දියවෙන්න.... ඔන්න ඇහෙනවද
තණකොලපෙත්තෙක් !
මුදු සිහින් හඩකින්
වයයි
වයන්න .... වයන්න.... වයන්න...
අහන්න...අහන්න...අහන්න...
තාරුකා කදෝ කිමි එළි
නිවි නිවී යළි පත්තු වෙයි
ඔයාගෙ පළල් නලලට හද එළිය වැටුනම හරිම ලස්සනයි. බෙල්ල දිගේ ලිස්සගෙන එන දාඩිය බිංදුවක් ඊටත් වඩා ලස්සනයි.
සිතිවිලි අහුරක් හුළංකෝඩයක පොරබඳයි
අරුන්දතී,
පින්න තාමත් සීතයි
එන්න .. මේ කොළපාට වලාකුළ උඩ ඇලවෙන්න
෴
Comments
Post a Comment