ඔයා එනවද කල්පනා

 


අද හැන්දෑව මට මඟ ඇරුණා 


           මේ හතරැස් පරිගනකය 

           මාව හතරැස් කොටුවක

           හි   ර     ක     ර     න   වා


දැන් මගේ සිතිවිලි හසරැස්


        හතරැස්  කන්තෝරු කාමරේ  

හරි හතරැස්  ජනේලෙන් මට පේනවා 

                        හැන්දෑව දියවෙලා  

                        වැහි හිරිකඩ වගේ 

                        කවුළුවට ඉර එළිය ඉහිනවා 

  

හෙවණැලි ඇදී දිගු වී  

බිත්තියේ හැපී පණ අදිනවා      


විදුලි පංකාව,  දවල් හිට තාමත් 

පුරුදු ලක්ෂ්‍යය වටා 

                                   කර කැවෙනවා   


            අද මට හැන්දෑව මඟ ඇරුණා 

            ඉතින් මට දැන් 

            රාත්‍රිය අල්ල ගන්නට ඕනා 

            ඔයා එනවද කල්පනා !

Comments

Popular Posts