ගොක් පහන




            නිල් අහස පුරා තොරක් නැතිව පැතිරී තිබූ වලාකු`එ කම්මැලියන්සේ ඒ මේ අත ගාටමින් තිබුණි.ගුරුපාර දෙපස පුරන් වූ කෙත්වතු ¥විල්ලෙන් වැසී ගොස් නිදිවැදී හුන්නාහ.හිරුගේ සැරපරුෂ බව කෙමෙන් කෙමෙන් අඩුවෙමින් තිබිණ.දවසතිස්සේ ගිනියම්වුණු ගුරුපාරේ දුඔුරුපැහැ සියුම් වැලි කැට තව මොහොතකින් පුපුරා යන තරමට ගිනියම්ව තිබුණත් ගිනිරස්නය ගැන වගේ වගක් නැතිවම මා දෙපා කඩිනම්කර ගුරුපාර දිගේ දිවගියෙමි.මට දැන් මේ ගිනිසැර හොද හැටි පුරුදුය.වන්නියේ ගිනිසැර නිවාලන්නට මෙන් හමායන බටහිර සුළ`ගට හසුව දරකෝටුවන් කෙස`ග සිරුර පාව යා නොදී මම වෑ කන්ද මතට දිව ආවෙමි.සිහිල් දිය බිදිති ගෙන හමා ආ මදපවනට මම කවදත් ලෙන්ගතුය.මම එය ආදරයෙන් වැළදගතිමි.වෑකන්ද කෙළවර සුවිසල්  නුගගස පාමුල පුල්ලෙයාර් රූපය මට මතක ඇති කාලයක සිටම ඔහේ බලාගත්ගත බලාගෙන සිටියි.කලගෙඩියක් වන් බඩගෙඩියක් සම`ග ඇත් හිසකින් යුත් මේ ගාම්භීර දෙවියා ගැන මා බොහෝ කතන්දර අසාතිබේ.හේ නුවණට අධිපතියැයිද කියයි.පුල්ලෙයාර් මුත්තාගේ හා අපේ අප්පච්චි උදේ හවා වදින සරස්වතී දේවියගේ ?ප අපේ ගෙදර බුදුපහන ලගද ඇත.මම දෙඅත් එක්කොට වැන්දෙමි.

 විභාගය අතළග නිසා සෑම දිනකම සවස්වරුවේද පාසල පැවැත්වේ. එහෙයින් අදද මා හොදටෝම පමාවෙලාය. අපිලිවෙලට වැවී තිබූ අවලස්සන හිසකෙස් ගසා දමා නැගිටගත් මම අඩියට දෙකට වෑ කන්ද පසුකළෙමි.ගෙදර කඩුල්ල අවහිරකරමින් නවතා තිබූ නවීන පන්නයේ කැබ්රථය දැකීමෙන් එක්වරම මට ඇතිවූයේ පුදුමයක් වුවත් සැනකින් ඒ හැ`ගුම ආඩම්බරයකට පෙරලූනේ මටත් නොදැනීමයි.අහලපහල ගමේ කිසිවෙකුගේවත් නිවසකට යතුරු පැදියක් හෝ ට‍්‍රැක්ටරයක් හැරෙන්නට මෙවන් වැදගත් වාහනයක් එනු මා දැක නැත.

”මහ දිසාපති කාර්යාලය - අනුරාධපුර ”

රථයේ ඉදිරිපස වීදුරුව මත වූ එකී වැකිය කියැවීමෙන් මගේ ආඩම්බරය දෙගුණ තෙගුණ විය.කවුරුන්හෝ වැදගත් මහතෙකු නිවස තුළ සිටිනවාට සැක නැත.සමහර විට දිසාපතිතුමා වුවත් වෙන්නට බැරි නැත.අප්පච්චිගේ ගොක්කොළ අත්වැඩ සදහා කීපවරක්ම මහදිසාපතිතුමාගෙන් පැසසුම් ලැබී ඇත.අප්පච්චි දක්ෂ චිත‍්‍රශිල්පියෙකි.ඒවගේම ඔහු අතිදක්ෂ ගොක්කර්මාන්ත කරුවෙකි.හේ පාසල්ගමන අතරමග නවතා සාපෙළින් පසු පොස්ටර් බැනර් චිත‍්‍රවැඩ ඇරඹූ බව වරක් මාසමග කියා ඇත.කෙසේවෙතත් මානම් උපන්දාසිට දකින්නේ ම`ගුල්පෝරු හෝ පිරිත් මණ්ඩප නැතිනම් පහන්මඩු තනන අප්පච්චිවයි.සමහර දිනෙක ඔහු කාගේ හෝ අලූත් ට‍්‍රැක්ටරයක නැතිනම් ලෑන්මාස්ටරයක චිත‍්‍ර අදියි.වෙසක් පොසොන් කාලයට හා අවුරුදු කාලයට ටවුමේ පවත්වන සංගීත ප‍්‍රසංගවල ප‍්‍රචාරක බැනර්ද අදියි.මැතිවරණ කාලයට ඡුන්ද පෝස්ටරද අදියි.ඉදහිට දිනෙක කුලීවැඩ කිරීමට යනුද මා දැක ඇත. 

ඒ කොයික කලත් ඔහුවඩාත්ම ආසාවෙන් කලේ ගොක්වැඩබව මම සිතමි.ඔහු වැඩකරනු බලාසිටීමට මම ආසාකරමි ඒනිසාමදෝ බහතෝරන වයසේපටන් මා ඔහුගේ කටයුතුවලට අත්උදව් සැපයුවෙමි.

පසුගිය වසරේ දිසාපතිතුමා අතින්ම දිනාගත් සම්මානය අප්පච්චී කාටත් පෙනෙන ලෙස සාලය මැද බංකුවේ තබාතිබෙන අයුරු මට මැවී පෙනෙයි.කොතරම් කාලයක සිට නිර්මාණකරණයේ යෙදුනත් මෙතුවක් කාලයකට ඔහුට ලැබී ඇති එකම සම්මානය එයයි.එයද ලීයෙන් නිමවූවකි.නමුත් අප්පච්චිනම් එය රත්තරනටත් වඩා වටිනාබව කියයි.ඒ නිසාමදෝ ඔහු  ඒ ගැන කතා නොකරන දවසක් නැත.

මම බයෙන් හා චකිතයෙන් යුතුව නිවසදෙසට පය ඉක්මන් කලෙමි.අපේ ගෙදර අවට ගෙවල් හා සසදන කලනම් කුරුමිට්ටෙකු සේ පෙනෙයි.මම හිතන්නෙ නම් ඒ හරිලස්සන කුරුමිට්ටෙක්.කපරාදු නොකල බිත්තිවල ඈතටපෙනෙන ගඩොලූ රටාව අමුතුම මෝස්තරයක්.හරියට අම්ම වියන ලස්සන පැදුරු රටාවක් වගෙයි.මා පුංචිම කලජීවත්වුණ ගෙපැල හා සසදන විටනම් මෙය මන්දිරයකැයි සිතේ්.එකල තිබූ කුඩා ගෙපැල කඩා මේ නිවස ඉදිකර එතරම් කාලයක් නැත.මේ ගේ ඉදිකල හැටිපවා මට හොදහැටි මතකය.ගේ හැදුවෙ අප්පච්චිමයි.අප්පච්චිට මේසන්වැඩත් පු`එවනියි කියල මම මුලින්ම දැනගත්තෙ එදායි.මුදල් ඉතිරිකරගෙන අඩු ගඩොලූ ප‍්‍රමානෙකින් ගේ බදින්නයි හිතාගෙන නුහුරුපිටට ගඩොලු බැදල ?ට හමන මහ හුළ`ගට ඊළ`ග දවසෙදි බිත්තියම පෙරලිල තිබුණහැටි මට තාම මතකයි.

කාලවර්ණ සිරුරකින් හෙබි හැඩිදැඩි පුද්ගලයෙකු අප අම්මාගේ ඉමිහිරි තේ කෝප්පයක රස බලමින් සිටින අතර සෙස්සෝ තිදෙනෙකු අවට සිතුවම් නරඔමින් සිටිති.ඔවුන් පානයකළ හිස් තේ කොප්ප තුන රැුගත් ට්රේ එක අතදරා ගත් අම්මා ර`එ බිත්තියට පිටදී අප්පච්චී දෙස බලා හුන්නාය.ඈත තියා මා එනු දුටු අප්පච්චී අතින් සන්කර මා ඔහු වෙතට කැ`දවාගත්තාය.

”අමරසූරිය මහත්තය, මේතමයි මයෙ එකම කොල්ල..ගොක්වැඩත් පු`එවන් චිත‍්‍ර අදින්නත් පු`එවන්..”

”පු`එවන් වෙන්න එපැයි..! පුතාල තමයි ඉතින් තාත්තලගෙ කලාව ඉස්සරහට ගෙනියන්න ඉන්නෙ.”

ආගන්තුකයා තේ කෝප්පය පසෙකින් තබා සුදුකමිස සාක්කුව මත වූ ක`එ උපැස් යුවල ගෙන නහය මත රදවා ගත්තේය.ක`එ වලහෙකුමෙන් දැත පුරා රෝම පිරී ගිය හැඩි දැඩි පුද්ගලයාගේ දකුණ ඇස තත්පර කිහිපයකට වරක් බැගින් නොකඩවා ඉගිමරමින් තිබිණ.කතාකරන වචනයක් පාසා එම තත්වය තවතවත් වැඩිවූ අතර එය නිරුත්සාහීවම සිදුවන්නක් බව ඔහුගේ හැසිරීමෙන් ප‍්‍රකට විය.කොහොම නමුත් මටනම් එය සිනා උපදවන්නක්ම විය.

”කොල්ල දැන් කීයෙ පංතියෙද ඉන්නෙ..”

”මේ සැරේ සාපෙ ලියනවා සර්” මම කිව්වෙමි.

”සාපෙ.....සාපෙ කිය කිය ඉදලනම් ගොඩයන්න වෙන්නෙ නෑ..මහින්සිවෙලා වැඩ කරන්න  ඕන.”මහත්තයා අසුනින් නැගිට මගේ පිටට තට්ටුවක් දැම්මේය.ඉක්බිති යම් කලබලකාරී ස්වරූපයක් ආ?ඪ කරගත්තේය.

”සිරිසේන මහත්තයා එහෙනම් මම හෙට උදේ අට වෙනකොට එනවා..අපි ගිහිල්ලඑන්නම්”

අප්පච්චී සිය කහට පිරි දත්පෙල දක්වා සිනාසී වචන අනුමත කලේය.

”අපිගිහිල්ල එන්නම් නෝන මහත්තයා” යලිත් අම්මා දෙසට හැරී කියූ අමරසූරිය මහත්තයා කණ්ණාඩි කුට්ටම යටින් මා දෙසද බැලීය.මම සිනාසුනෙමි.නමුත් මේ අද්භූත පුද්ගයා කවුරුන්ද යන පැනය මා සිත තුළ තව තවත් කැකෑරෙමින් තිබිණි.අම්මානම් අප්පච්චීට සිරී කියා අමතයි.මිත‍්‍රයෝ සිරා හෝ සිරී යන නම් දෙකෙන්ම අමතයි.ඇතැමෙක් සිරිසේන කියා සම්පූර්ණ නමින්ම ඇමතුවත් මින් පෙර කිසිවෙක් ”සිරිසේන මහත්තයා” ලෙස ගෞරවයෙන් අමතනු මා දැක නැත.

”කව්ද අප්පච්චි ඒ?”කැබ්රිය යන්නට හැර මම ඇසුවෙමි.

”දිසාපති කන්තෝරුවෙ මහත්තයෙක්.හෙට ජනාධිපතිතුමා එනවලූ මොකක්දෝ උස්සවයකට..එතුමට පත්තුකරන්න පොල්තෙල් පහනක් හදන්න  ඕනලූ.”

”පිත්තල පහනක්?”

”නෑ බං, ගොක් පහනක් ”

අප්පච්චී හපමින් උන් බුලත් විටය හමාර කරමින් රතුම රතු බුලත් කෙල පහරකින් වැලි පොලොව තෙමුවේය.ගිනියම් ගල් කැට පුපුරා ලේ ගලන්නා සේ බුලත් කෙල පහරින් වැලි තලය වැසී යනු මම බලා සිටියෙමි.අල්ලපු වත්තේ තරංග අය්යා ගොක්ඉති දෙකකුත් ගෙන රතුකෙල පහර මතින් පැන ඉස්තෝප්පුවට ගොඩවැදුනේයය.

”සිරී මාමෙ මෙන්න ගොක් අතු දෙක..”

තරංග අය්ය ගොක් අතුදෙක ඉස්තෝප්පුව මැදට අතඇර වැඩි කතාවක් බහක් නැතුවම මගට බැස්සේය.

”හෙට කීයක් හරි දෙන්නම් කොල්ලො ඈ..”

”ඒව නම් මොනව කරගන්න බැරිදමාම.. වැඬේ කරන්නකො බඩු තියෙනවනෙ.”තරංගයා පසුනොබලම පිළිතුරු දුන්නේය.

අප්පච්චී කමිසෙ ගලවල දාල ගොක් අත්තක් ළ`ග හරිබරි ගැහිල ඉද ගත්තේය.දැන් ඉතින් මේවැඬේට මට අත් උදව්දෙන්නවෙනවා නියතය ඉස්කෝලෙ තිබුණු උත්සව කීපයකටත් මම තනියම ගොක් පහන් හැදුවයි කියල අප්පච්චි දන්නව.අප්පච්චි චිත‍්‍රකාරයෙක් විතරක් නෙමෙයි ගොක්වැඩත් කරනව කියල අපෙ ඉස්කෝලෙ ටීචර්ලත් දන්නව.ඉතින් චිත‍්‍රකාරයගෙ පුතත් ඒවගේම දස්ස්යනෙ කියල ඉස්කෝලෙ තියෙන මේවගේ වැඩත් පැවරෙන්නෙ මටම තමයි.

”හා..හා..බලන් ඉන්නෙ නැතුව කාල බීල එනව වැඩකරන්න.? එලිවෙනකම් හරි හදන්න වෙනව.ජනාධිපතිතුමාට පත්තුකරන්නනෙ..” අප්පච්චී ආයුධ පෙට්ටිය අවුස්ස අවුස්ස කිව්වේය.

මම ඇල්බට් මාමලැයෙ කෙහෙල්  වත්තෙන් කෙහෙල් කදන් දෙකක් කපාගෙන එනවිට හොදටෝම ගොම්මන් ටිය.මෙච්චර වෙලා හරි උජාරුවෙන් අහස මැද විරිත්ත විරිත්ත හිටපු ඉර හරිම කම්මැලියෙක් වගේ කෙහෙල් පදුරු අස්සෙ හැංගෙන්න විට මට ඇතිවූයේ නොසතුටකි.ඒවෙනකොටත් අප්පච්චි පහනෙ තරමක් හරිය ඉවර කරලයි තිබ්බෙ.කෙහෙල් කොට කපල ගොක් කොලෙන් සරසන්න ලැබුනෙ මට.අප්පච්චි කොලේ කැටයම කැපුව.මට තවමත් බැරි ඔය කොලෙන් කැටයම කපන්න විතරයි.මම රටා දහයක් කැපුවත් හරියන්නෙ එකලොස්වෙනියට අප්පච්චි කපන එක තමයි.අප්පච්චි හිටියට ”මෙහෙම කපපන් මෙහෙම කරපන් ” කියල මේ වෙනකම් කවදාවත් මට උගන්නලත් නැති එක ගැනනම් ට ඇත්තේ කණගාටුවකි.

”මමත් මේව ඉගෙන ගත්තෙ කරන විදිහ බලන්ඉදල තමයි.” දෙයක් ඇහුවොත් අප්පච්චි කියන්නෙ එහෙම.ඒත් ඉතින් ගොතන රටාවක කපන මෝස්තරයක ඇදයක් කුදයක් තිබුනොත් නම් විසුමක් වෙන්නෙ නෑ.ඒ හින්දමද කොහෙද මම වැඩි පුරම ආස කලෙ අප්පච්චි ලස්සන ලස්සන රටාවලට ගොක් කොලේ කපනව බලාඉන්නයි.අප්පච්චි මේ වැඩ වලටම කියල ආම්පන්න ටිකක්  හදාගෙන තිබුණ.වැඩි  පුරම පාවිච්චි කලේ කියත් පටියක් මුවහතත්කරල හදල තිබුණ පුංචි අත්පිහියක්.

කොහොමවුණත් ඉස්කෝලෙ තියෙන උත්සව වැඩිවෙන්න වැඩිවෙන්න පුන්කලස්,පහන්,තොරන් හැදිලි වැඩිවෙන්න වැඩිවෙන්න අප්පච්චිගෙ කියත් පිහිය මටම අයිතිවුණ එකගැන නම් අප්පච්චිපසු වුනේ සතුටකින්.කොච්චර ගොක්වැඩ කලත් මගේ රටා තවවෙනකම් අප්පච්චිගෙ ඒව තරමට ලස්සන කරගන්න මට තේරෙන්නෙ නැති එකතමයි පුදුමය.

පහන වැඩ භාගෙටභාගයක් ඉවරවෙද්දිම තේරුණ මේක හදල ඉවර වෙද්දින් මීට පෙරින් නොදැකපු අලූත් නිර්මාණයක් වෙනබව.ඒත් මට තිබුණ ප‍්‍රශ්නෙ ? එලිවෙනකම් හැදුවත් වැඩ ටික ඉවර කරගන්න පු`එවන් වෙයිදකියල.මම ගොක් මල් හදල අප්පච්චි පුන්කලස හැඬේට පහනෙ ආකෘතියක් හැදුව විතරයි දැනටමත් හොදටෝම ?වෙලා.සුදෝ සුදුවට හද පායල වහලෙ ටකරං සිදුරු අස්සෙනුත් හද එළිය බේරෙනව වැහි හිරිකඩ වගේ.

”පුතේ හෙට උදේ ඉස්කෝලෙ යන්න තියෙනවනෙ දැන් ගිහින් නිදාගන්න” යි අප්පචිට තේ කහට කෝප්පයක් පිළිගැන්වූ අම්මා කීවාය.පාසලට වඩා කලාවට ප‍්‍රියකළ නිසාදෝ මම අම්මාගේ වදනින් තරමක් උරණ වීමි.අම්මා නොකඩවා ඇවිටිකලද මම නෑසුණගානට දිගටම කාරිය කරගෙන ගියෙමි.අප්පච්චීගේ ගොක් පහන තබනු පිණිස අම්මා විසින් මනරම් ගොක් පැදුරක් වියා  නිමකලාය.

”කොල්ලව හෙට ඉස්කෝලෙ යවල බෑ..මාත් එක්ක කච්චේරියට යන්න  ඕන,මට තනියම මේකෙ වැඩටික ඉවර කරන්න පු`එවනියැ.” යි අප්පච්චි කියූ විට,

”විභාගෙට තව දවස් කීයද තියෙන්නෙ..උඔටත් කවදහරි අප්පවගේම ගොක්කොළ කපකප තමයි ඉන්න වෙන්නෙ”යි කියා අවසාන වශයෙන් මගේ හිසටද ටොක්කකින් සංග‍්‍රහ කළ අම්මා ගෙතුළට වැදුනාය.

හෙට දිනයේ ජනාධිපතිතුමා ඇුතු`එකොටගත් මැති ඇමතිවරු අප්පච්චිගේ සැමතින්ම මනරම් මේ ගොක්කොළ පහන දල්වනු ඇත.එවිට  පහන් දැල්වීම සදහා ඉටිපන්දමක් ලබා දීමටවත් මට හැකිය.ඇතැම් විට ජනාධිපතිතුමා අප්පච්චිව ඇගයීමට ලක්කරන්නටද බැරි නැත.එතුමා අප්පපච්චිගේ පිටට තට්ටුවක් දමනු ඇත නැතිනම් අප්පච්චිට තම සුරත දෙනු ඇත.රැුස්ව සිටින පිරිස මහ හඩින් අත්පොලසන් නගනු ඇත.නිවේදකයා සිත්ගන්නාසුලූ වචන වලින් ගොක්පහන පසසනු ඇත.

***

පසුදා උදයේ මා අවදිවූයේ ඝෝෂාකාරී කන්කරච්චලය ඉවසනු බැරිවූ තැනයි.අවට නිවෙස්වල ලොකු කුඩා කොල්ලන් හා කෙල්ලන්ද වැඩිමහල් ගැහැනුද පහන බැලීමට පැමිණ ඇත.ළමුන්ගේ කෑ ගැසිල්ලත් ගැහැනුන්ගේ  ඕපා¥ප කියවිල්ලත් මහත් කාලගා්ට්ටියක් බවටපත්ව ඇත.අප්පච්චී උදේරැුයින් අවදිව පහනේ අඩුපාඩු සකසමින්හිදියි.මා මහත් උජාරුවේන් ගොස් ඔහුට හවුල්වුනෙමි.පුංචි එවුන් මගේ ළගට පැමිණ විවිධදේ අසයි.මමත් අප්පච්චිත් නෑසුනාසේ වැඩකරගෙනයයි.ළමුන්ගේ කතාබහ අපට බාදාවකැයි සිතන ගැහැනුන් තම දරුවන්ට බැනවදිති.එවිට ඔවුන් ඇස් ලොකුකරමින් පහන පෙන්වා මොනමොනවදෝ කුටුකුටුගායි.පමා නොවී දරුවන් පාසල්යැවිය යුතුවූ බැවින් වැඩිවේලා නොයිද පිරිස විසිර ගියමුත් අල්ලපු ගෙදර කමලා නැන්දා ඇතු`එ වයස්ගත ගැහැනුන් තිදනෙකු අම්මා සමග මොනමොනවදෝ දොඩමින් තවත් බොහෝ වෙලාවක් යනතුරු කල්මැරූහ.

”අපි අටවෙනකොට එනව”යි කිව්වත් අමරසූරිය මහත්මයා ආවේ නමයත් පසුවෙලාය.පෙරදිනයේ මෙන්ම අදත් සුදුකමිසයකින් හා කලූ කලිසමකින් සැරසී සිටි හෙතෙම විඩාබර හා කලබලකාරී බවක් කියාපෑය.ඔහු මෙන්ම සෙසු තිදෙනාද සමාන ඇදුම්වලින් යුතුවීමෙන් ඒ යම් නිලඇදුමක්ද යන කුහුලක් මා තුල ඇතිකලේය.

මළානික ලෙස පුටුවකට පැනගත් අමරසූරිය මහතා අම්මාගෙන් ඉල්ලාගත් වතුර වීදුරුව එක හුස්මට බී හමාර කලේය.ඉක්බිති ගොක් පහන වටේ වට කීපයක් කැරකෙමින්ද ගොක් කොල කීපයක් එහාමෙහා අදිමින්ද පහන පරීක්ෂා කලේය.කාලවර්ණ දැඩි උරගයෙකුසේ පහන වටේ කැරකෙමින් හා කොකෙකු සේ බෙල්ල කරකවමිනුත් නොකඩවා දකුණැසින් ඉගිමරමිනුත් ඔහු කළ රංගනය දැකීමෙන් මට සිනාව මැඩගත නොහැකි විය.මම සිහින් හඩින් සිනාසුනෙමි.

”මම සිරිසේන මහත්තයගෙන් මීට වඩා හොද පහනක් බලාපොරොත්තු වුණා”

අමරසූරිය මහතාගේ වචන මටනම් පොලූපහරක් වැනි විය.අප්පච්චීද එයින් දැඩිව උකටලී වනු ඇතැයි මා සිතුවත් ඔහුතුලින්නම් ඒ බවක් ප‍්‍රකට නොවුණි.

”තාම වැඬේ ඉවර නෑනෙ මහත්තය.හදල ඉවරඋනාම මහත්තයගෙ හිතටඅල්ලයි.”අප්පච්චි සන්සුන්ව කීය.අමරසූරිය මහතා නහය පුම්බාගෙන හිස ඒ මේ අත සැලූවා මිස වචනයක් දෙඩුවේ නැත.

මමත් අප්පච්චිත් පහන ඔසවා කැබ්රථය පිටුපස කොටසින් තැබුවෙමු.සවිමත් ලණුවකින් දැඩිව බැද තැබුවද ගමනේදී පහන පෙරලීයාමට ඉඩ ඇති බැවින් පහන අල්ලාගෙන පසුපස කොටසේ ගමන් කිරීමට මට සිදුවිය.

මෙතුවක් වෙලා අමරසූරිය මහතා සමග මොනමොනවදෝ කියවමින් හුන් කමල නැන්ද මා අසලට විත් කිසිදුහාවක් හූවක්නැතිවම කහපැහැති දිගුලියුම් කවරයක්  මවෙත පෑවාය.

”කොල්ල උඹල ඔය යන උත්සවේට ජනාධිපතිතුමා එනව උඹනොවැරදීම මේ ලියුම්දෙක එතුමට දෙන්න  ඕන..”යි  ඕ අවධාරණයෙන් යුතුව කීවාය.මම හිස සැලූවෙමි.

”ආ..හදිස්සියෙවත් එතුමට දීගන්න බැරිවුනොත් ඇමතිතුමාට හරි දෙන්න  ඕනා.උඹට ඇහුණද”

”ඇමතියටනම්  ඕව දීල වැඩක් නෑ බං”තවත් ගැහැණියක් මැදට පැන්නාය.

”උඹ  ඕක කොහොමින් හරි ජනාධිපතිතුමාටම දෙන්න බලපන්කො..” එසේ කීවේ තෙවන ගැහැනියයි.

අප රැුගත් කැබ්රිය ගම මායිමේ තුංමංහංදිය පසුකරන තුරුම අම්මත් කමල නැන්දත් සෙසු ගැහැනුන් දෙදෙනාත් කඩුල්ල අසලට වී අපදෙස බලා සිටිනු මම දුටුමි.

ජීවිතේ පළවෙනි වතාවට වායුසමනය කරපු වාහනේක යන්න ලැබුණ එකම අවස්ථාවත් දියවෙලාගියපුඑක ගැන මම උන්නෙ තරහෙන් නමුත් දැන්නම් එසේවීම වාසනාවකැයි සිතෙයි.ක`එම ක`එ ගැරඩියෙක් වගේ රූස්ස ගස් යටින් ඇදීයන තාරපාරෙ මේවගේ සුන්දරත්වයක් මම මීට පෙරින් කවදාවත් දැකල නෑ.තාරපාර දෙපස ඇති රූස්සගස්-මාර,කඹුක්,මී වගේ ගස්-ආචාරපෙළපාලියකට හිටගත්ත සෙබල මුලක් වගේ ඇදයක් කුදයක් නැතිවහරි පෝලිමට පාර දෙපැත්තෙ හිටගෙන එයාලගේ මහඅත් වලින් බදාගෙන මට හෙවනදෙනව හරි අපූරුවට.ඉදල හිටල ඒ අත් එහෙට මෙහෙට පද්දල නැටුමක් නටනව අමුතුම රිද්මෙකට.ඒ වෙලාවට අතුඅගින් ගිලිහිල වැටෙන කොලපාට කහපාට කොළ ඇගට වැටෙද්දි දැනෙන්නෙ අපූරු මිහිරියාවක්.

පාර දෙපස මේ ගස්ගොම්මන ක‍්‍රමක‍්‍රමයෙන් තුනීවෙලා ඉක්බිතිව එක යායට නිල්ලපිරුණ කෙත්යායක් මැදින් තාරපාර දිගහැරුනේය.දැන් දැන්නම් රථයේ පසුපස ගමන අපහසු තත්වයකියි උදාවී ඇත්තේ.මම ලේන්සුවෙන් හිස වසා ගනිමින් අව් රැුසින් බේරීමට වෙහෙසගතිමි.අව්රැුසටත් වඩා වැඩිවන වාහන තදතබදයේ ඝෝෂාව මනසට මහත් හිරිහැරයකි.

අඩියෙන් අඩියට පසුකළ කුඩා නගර කීපයකින් පසුව මල්වතුඔය පසුකරමින් රථය අනුරපුර මහනගරයට වැදුනේය.මෙතුවක්වෙලා අවටින් හමා ආ මඩ සුවද මුසු සුළ`ග වෙනුවට දැන් එන්නේ තෙල් ගදත් ¥විල්ලත්ය.ඝෝෂාකාරීබවින් හාත්පස වසාගත් නගරයේ මගතොට යනඑන්නන් ඇස් කරකවා මා දෙස බලයි.මම ලැජ්ජාවට පත්ව හිස පාතට කරගතිමි.එවිට ඔවුන් පහන දැක අමන්දානන්දයට පත්වෙති.ඇතැමුන් පහන දෙසට ඇගිල්ල දිගුකර තවකෙකුට පෙන්වති.ඔවුන් දීප්තියෙන් බබලන දෙනෙතින් යුතුව පහන ගැන කතා කරති.එවිට මම තරමක් ආඩම්බරයට පත්වෙමි.මම හිස ඔසවා මිනිසුන්ට පෙනෙන සේ පහන අතපතගාමි.

තෙමහල් ප‍්‍රාසාදයක් වූ කච්චේරිය මා සිතාසිටිතරම් සිත්ගන්නාසු`එ නොවීය.නමුත් එය යම් උත්සවසිරියක් ඉසිලීය.තරමක් විසාලවේදිකාවක් සකස් කර තිබූ අතර අප්පච්චිත් මමත් පහන වේදිකාව පහලින් ස්ථානගත කිරීමට උත්සහ කලෙමු.එහි වැඩබලමින් හුන් තරබාරු පුද්ගලයාගෙන් කිහිප විටක්ම බැනුම් ඇසිමෙන් අනතුරුව ඔහුගේ රුචිය අනුව පහන වේදිකාවේ දකුණුපස කෙලවරින් ස්ථානගත කිරීමට අපට සිදුවිය.නමුත් අප්පච්චිනම් කීවේ වේදිකාවේ හැඩය අනුව පහන එතැනට කිිසිසේත්ම නොගැලපෙන බවයි.අප සියලූ වැඩකටයුතු අවසන්කරන තුරුම අමරසූරිය මහතා අමුත්තන්සදහා පනවාලූ පුටුවක්මත හිදගෙන පුලූටුකරගත් මුහුණින් යුතුව අපදෙස බලා සිටියේය.සිය වම්කකුල දකුණු කකුල මත රදවාගෙන සිටි හෙතෙම තම ඇස් ගැසීමේ රෝගය තවද අත්නොහලේය.

”ෂා...අමරෙ, මෙදාපාරනම් මාරම පහනක් ගහල තියෙනව ආ..”යි කියමින් කවුරුන්දෝ පුද්ගයෙක් අමරසූරිය මහතා අසලින්අසුන්ගත්තේය.මම කන්දී සිටියෙමි.

”අන්න..අර..අර..කුකුළනම් මරේ මරු..! ”

ඔහු පහන අසලට විත් එය ඉහලින්ම වූ ගොක්කොළකුකුළා අතගා බැලීය.අප්පච්චි සුපුරුදු ලෙස තම කහට දත්පෙල දක්වා සිනාසුනත් ඔහු එය ගනනකට නොගත්තේය.

”මේ සුපර්..ආ”

මහ වැස්සෙන් පසු පායන දේදුන්නක්සේ අමරසූරිය මහතාගේ මුහුනෙහි මදහසක් ඇදීගියේය.කුකුළානම් ඇත්තෙන්ම අපූරුය.අප්පච්චි පහනක් මතට කකුලෙකු තැනූ ප‍්‍රථමවර මෙය නොවුනත් මා මීට පෙරින් කකුලෙකු තැනීමට නොදත්තෙමි.එහෙයින් මම කුකුලා තැනූ ගොක්පත දිගහැරබලා යලිඑය තැනුවෙමි.පෙරට වඩා තරමක් ඇදකුද සහිත වූවද එය අපූරුය.දැන් මම ගොක්පතින් කුකුලා තනීමටද දනිමි.

උත්සවය සදහා පිිිරිවර වැඩිවන්නට වන්නට දහ පහලොස්දෙනෙකුපමන පහන වටාද එකතුපහදු වූහ.අපගේ කාරිය අවසන් බැවින් අප්පච්චිත් මමත් සුදුසු තැනක්බලා අසුන්ගත්තෙමු.එතැන්සිට අමරසූරිය මහතා පහන අසලම දැවටෙන්නට පටන් ගත්තේය.ඔහුට තම ඇස් රෝගය මදකට අමතකවූවාසේ පෙනිණ.හේ විටෙක පහන වටේ රවුමක් කැරකෙයි.පහන්තිරමත කපුරුපෙති තබයි.රැුස්ව සිටිනවුන්ට පහනගැන මොනමොනවදෝ කියයි.අවසන් වශයෙන් පහන් දැල්වීමට ගෙනා ඉටිපන්දම වටා ගොක්කොලයක් ඔතා විචිත‍්‍රවත්කලේය.

උත්සවය ආරම්භවන වන අවස්ථාව වනවිට ශාලාව මිනිසුන්ගෙන් පිරිණ.හමුදා පරීක්ෂාවෙන් අනතුරුව කහපැහැති කුඩා ස්ටිකරයක් මගේ කමිසයේද ඇලවිණ.කොතරම් මිනිසුන් පිරුණද වේදිකාව හොදින් පෙනෙන සහ පහන ආසන්නයේම අසුනක් ලැබීම ගැන සන්තෝෂ වූ මම සාක්කුව තුළවූ ලියුම් කවරදෙකද අතට ගෙන සූදානම්පිට සිටියෙමි.අහලපහල කීපදෙනෙක්ද මාමෙන්ම ලියුම්කවර අතැතිව හිදිනු දැකගතහැකිවිය.එබැවින් ලැජ්ජාවන්ට කාරනා නැත.

සම්බාවනීය අමුත්තන් සියලූදෙනාමපාහේ පැමිණියද ජනාධිපතිතුමාගේ පැමිණීම තවතවත් ප‍්‍රමාදවෙමින් තිබිණි.

”සමාවෙන්න..නොවැලැක්වියහැකි හේතුවක් නිසාවෙන් අදදින මේ අවස්ථාවට අතිගරු ජනාධිපතිතුමාගේ සම්ප‍්‍රාප්තිය සිදුවෙන්නේ නෑ..එම නිසා අපේ අමාත්‍යතුමාගේ ප‍්‍රධානත්වයෙන් මෙතැන්පටන් උත්සවයේ කටයුතු ආරම්භකරනවා.”

නිවේදකයා කියාගෙන ගියේ තරමක් බයාදු ස්වරයකිනි.එකෙනෙහිම ජනතාව අතර තරමක නොසන්සුන්තාවක් පැතිරගියත් ඒගැන වගේවගක් නැතිව උත්සවය ආරම්භකෙරිණ.මහඇමතිතුමා ඇතු`එප‍්‍රභූන්  අප්පච්චිගෙ පහන දල්වන අව්ථාවෙදි පහන ගැන ඔවුන්ගෙන්පිටවුණ වචන ඇහෙන සීමාවක ඉන්නලැබුන එකනම් වාසනාවකි.අමරසුරිය මහතා එකිනෙකාට ඉටිපන්දම අල්ලමින් ඉන්දැද්දි මහඇමතිතුමා තමන්ගෙ තඩිබඩත් අල්ලගෙන දිසාපතිතුමාට කිට්ටු වුණේය.

”කව්ද මහත්තයො මේකෙ නිර්මාණකාරයා.”

දිසාපතිතුමා තම ක`එකෝට්බෑය ටිකක් සුරුවම්කර පසුව තම සුදෝසුදු දත්පෙල පෙන්වා සිනාසුනේය.

”අපේ අමරසූරිය මහත්තය තමයි ඉතින්...” කියමින් දිසාපතිතුමා අමරසූරිය මහතා වෙත සුරත දිගුකරපෙන්විය.අප්පච්චිද අමරසූරිය මහතා අසලටම වී සිනාසෙමින් බලා හුන්නේය.



ඇමතිතුමා සිනාසෙමින් අමරසූරිය මහතාගේ කරමතින් අතක් දමාගත්තේය.

”පුතා තව මේවගේ එව්ව ගෙදර තියෙනවද?”යි හේ ඇසීය.අමරසූරිය මහතා සිහිනයක අතරමංවූ කලෙක මෙන් ඇමතිතුමාගේ සෑම වචනයක් පාසාම සිනාසුනා මිස වචනයක් දෙඩුවේ නැත. 

අප්පච්චිද නිහඩව බලාසිටීම මටනම් නුරුස්සයි.මම අසුනින්නැගිට අප්පච්චි වෙතට පියමනිද්දී ඇමතිතුමා වේදිකාවට ගොඩවනු පෙනිණ.පහන් දැල් හයහතක් ගොක්පත් එකක පාසා ජීවය උරාගනිමින් කාන්තිමත්ව බැබලෙමින් තිබිණ.

***

අමරසූරිය මහතා ලබා දුන් ලියුම් කවරයද ගෙන අප්පච්චිත් මමත් උත්සවය අවසානයට පෙර මගට බැස්සෙමු.

”මම හැදුවයි කිව්ව කියල සිරිසේන මහත්තය මොකුත් හිතන්න නම් එපා..”යි අමරසූරිය මහතා ලියුම්කවරය දෙමින් කියූකතාව මගේ සවන්පුරා දෝංකාර දෙමින් ඇත.

අප්පච්චි බස්නැවතුම අසලින් ලියුම්කවරය තුළ වූ රුපියල් දාහෙ නෝට්ටුව මාරුකර ලංකාදීප පත්තරයක්,බූන්දි සීයක් හා බුලත්විටක් මිලදීගත්තේය.

”ඔන්න හෙට උබේ පන්තියට සල්ලි බැන්දඇහැකි”යි කියමින් අප්පච්චි ඉතිරි මුදල ගැනබලා කමිස සාක්කුවෙහි රදවා ගත්තේය.

”අප්පච්චි,ඇයි පහන අරමහත්තය හැදුවයි කියද්දි කරබාගෙන හිටියේ”මම ඇසුවේ තවත් ඉවසාසිටිය නොහැකිවූ තැනයි.පිළිතුරු වශයෙන් අප්පච්චී පු`එල් සිනාවක් පෑවේය.ඉක්බිති රතුම රතු බුලත්කෙළ පහරක් කුණුකානුවට ගසා කටපිහාගත්තේය.මෙවන් අවස්ථාවල අප්පච්චිගේ ප‍්‍රතිචාරය මට හොදහැටි හුරුපුරුදු නිසා මම ඉන් එහා කිසිත් නොකීවෙමි.

මොහොතක් අවට රථවාහන ගොරණාඩුව දෙස බලාහුන් මම සාක්කුව අතයවා එහි වූ කහපාට ලියුම්දෙක ගෙන අසල වූ කුණුකානුව මතට විසිකලෙමි.

”අප්පච්චි මට පාඩම්කරන්නත් පරක්කු වෙනව..ඉක්මන්කරල යමුකො”  



-පවන් අංජන 2018-



Comments

Popular Posts