මම මෙතැන
ශතවර්ෂ ගානකට ඉස්සර
මං සුදු සිනිඳු
වලාකුළක්
අහස ඔස්සේ
හරස් අතටම පීනන
එදත් නුඹ සුළං රැ ල් ල ක්
හිතුමනාපෙට
විශ්වය සිසාරා පියඹන
වලාකුළු අහසට බැඳ තබන
සූත්රය ගැන
හොදින් දැන උන්නා නුඹ
ලෙහා ගෙන මා හදවත
රැගෙන ඇවිදින් මේ නිහඩ නිම්නයට
මෙහෙම අතරමං කළ එක
අමතකත් ඇති නුඹ හට
මම මෙතැන
මේ මෙතැන
නිහඩව ම මල් පිපෙන
රොන් සැලෙන නිම්නයක
නුඹ තව ම දුර දුවන පියාඹන
නොනැවතී හමා යන
නිල් පාට සුළඟක් ව
Comments
Post a Comment