ඔබ එන්න .... පරිස්සමට
හැන්දෑව දි ගු වුණා
නොහිතූ තරම්
හිස් තැන් බොහෝ ඉතිරි කර
කාලය හා අවකාශය වැඟිරුණා
අහසින් .
.
.
.
පොළොවට
අපරිමිත බලාපොරොත්තු සහිතව
චිරි චිරි
චිචිරි
චිරි
චිරි
මං නිහඩතාව ප්‍රාර්ථනා කලා
සුළඟ හීතලයි ... බරයි
සමහරවිට
සුළඟට පවා සිහින තියෙන්න පුළුවන් !
මං මගේ කළු කෙට්ටු සරීරය
ගාල් කලා
පුස් ගඳ නිහඩ කුටියට
කවුළුව අගුළු කර
වැ
ති
රු
ණා
මුහුණු පොත් පිටු අතර
වැස්ස තාමත් එහෙම්මයි
කාන්සිය මකා ගන්නට
ආදරය නැතිනම් වෛරය
ඕනාවටත් වැඩිය
පාට පාටින් ඔප කර
ඉතින් , අඳුර
ඔබ එන්න .... පරිස්සමට
විගලිත සිතුවිලි සමුදායක්
ReplyDelete