🌧️


දෑත් පටලා ඔහේ ඇවිදින

පෙම්වතුන්මය මේ වලාකුළු 


සරත් සමයේ උනුන් වෙන්වී

පාළු වෙනවා අහසෙ අහුමුළු


දෑලබඩ හිද හාදු මල් දී

ගඟට ආලය පිදූවත් තුරු 


ගඟක් නිතරම සිනාසෙන්නේ

බල බලයි දුර ඈත ඇති තරු


ස්වාධීනයි වගේ පෙණුනත් 

ග්‍රහවස්තු හා අන්න අර සඳු


උන්ට කක්ෂය හදා ගන්නත්

හිරුට ගෙව්වලු කප්පරක් බදු 



Comments

Popular Posts