හිතාදර මිතුරිය,

 


දිගු ශීත කලකට පසුවත් 

බොහෝ අසීරු දින 

ගෙවා දමමින් සිටිමි


ඉඩ ලැබුණු වෙලාවක

රාත්‍රී අහස පීරා

හුරුපුරුදු නෙතක තෙත

දුර ම තරුවක සොයමි


ඇතැම් හැන්දෑවක 

සත්පාට ඉඳු දුන්න

අහස් නිල මත දියව යන'යුරු

බොහෝ වෙලා බලා හිදිමි


නුඹට නොකියූ

බොහෝ දේවල් 

පාළු අහසට

කියා සැනසෙමි 



Comments

Popular Posts