නැකැත් තරු වල බැට්රි බැස්සම
නැකැත් තරු වල
බැට්රි බැස්සම
හඳෙත් ආඩම්බර වැඩී
එළිය හංගල තියාගන්නව
වලා රෙද්දේ එති එතී
ගෙයින් ගෙට යන සුළං රැල්ලට
අතේ සතයක් නැතිම වුණහම
එන්ජිමට පණ දෙන්න පෙට්‍රල්
බිදක් නැතිවී කලකිරී
එහෙම දවසක බෝක්කුව උඩ
කල්පනාවේ පැටලෙතී
පුරුදු විදියට අරාජික රැය
වෙරිමතේ ගොළු අඳුර එනකොට
කවුරු කවුරුත් සද්ද නිවලා
දොර වසාගෙන ගෙට වෙතී
ඇතැම් තැන්වල හීන් මුනු මුනු
කදෝකිමි එළි දැල්වෙතී
Comments
Post a Comment