...
ඔයා මට කියන්නෙම
මහා මාරුතයක් ව
ඉගිලෙන්න
උඩයන්න
වැජඹෙන්න
ඇයි එහෙම ?
"ජීවිතය තුඩින් ගෙන
මාත් ළග තියාගෙන
සිතු ලෙසින් පියඹන්න
මාරුතය ඔබ වෙන්න"
ඔබ කියන්නෙම එහෙම
විසල් ගස් පෙරලන්න
තුරු මඩුලු කළඹන්න
අනන්තය අල්ලන්න
මං කැමති නෑ ඔන්න
මම ආස හැමදාම
සිහිල් පවනක් වෙලා
රස්තියාදුවෙ යන්න
හිටි ගමන් දිව ඇවිත්
කන්පෙත්ත සිප ගන්න
ඇගිලි තුඩගින් ඔයා
හෙමින් හීලෑකරන
කෙහෙරැල්ල ආයෙමත්
අවුල්කර දිවයන්න
මහා මාරුතයක් ව
ඉගිලෙන්න
උඩයන්න
වැජඹෙන්න
ඇයි එහෙම ?
"ජීවිතය තුඩින් ගෙන
මාත් ළග තියාගෙන
සිතු ලෙසින් පියඹන්න
මාරුතය ඔබ වෙන්න"
ඔබ කියන්නෙම එහෙම
විසල් ගස් පෙරලන්න
තුරු මඩුලු කළඹන්න
අනන්තය අල්ලන්න
මං කැමති නෑ ඔන්න
මම ආස හැමදාම
සිහිල් පවනක් වෙලා
රස්තියාදුවෙ යන්න
හිටි ගමන් දිව ඇවිත්
කන්පෙත්ත සිප ගන්න
ඇගිලි තුඩගින් ඔයා
හෙමින් හීලෑකරන
කෙහෙරැල්ල ආයෙමත්
අවුල්කර දිවයන්න
ලස්සනයි 💜️
ReplyDelete